Password මතක තියාගන්න එක කරදරයක් ද?

Internet එක පාවිච්චි කරද්දි අපි හැමෝම ගොඩක් accounts භාවිතා කරනවා. Facebook, Google, Twitter, Ebay, තව online banking accounts … ඔය වගේ accounts ගොඩක් අපි පාවිච්චි කරනවා. ඔය හැම account එකකම password  එක මතක තියාගන්න එක ටිකක් කරදරයි. හැම account එකටම එකම password  එක දාල ඒ password  එක වෙන කෙනෙක් දැන ගත්තොත් ඒත් වැඩේ ඉවරයි. ඒ වගේම ගොඩක් websites වල strong passwords ඉල්ලනවා. CAPITAL, simple අකුරු දාල තව numbers එහෙමත් දාන්න ඕනේ password  එකට. ඒ මදිවට ඕක මතක තියාගන්නත් ඕනේ. ඔය සේරම ප්‍රශ්න වලට උත්තරයක් තමා LastPass කියන්නේ.

171883

මොකක්ද මේ LastPass?

මේක password management service එකක්. මේකේ ඔයාගේ accounts වල passwords ඔයා ඇතුලත් කලාම encrypt කරලා තියාගන්නවා. සරලව කිව්වොත් මේක නිකන් සේප්පුවක් වගේ තමා. සේප්පුව ඇතුලට සේරම password දාලා සේප්පුවට එක ලොකු password  එකක් දානවා.

ඒ කියfeatures-icon-safe-1න්නේ ඔයාගේ lastpass account  එකට log  උනාම අනික් හැම account  එකකම passwords ලබා ගන්න පුළුවන්.මතක තියාගන්න අවශ්‍යය වෙන්නේ එක password එකක් විතරයි.ඒ ඔයාගේ lastpass account එකට log  වෙන්න ඕන කරන password  එක . ඒකට  කියන්නේ master password  කියලා . මේකෙදි ඉතා වැදගත් දෙයක් මතක තියාගන්න ඕන. ඒ තමයි master password එක ටිකක් characters ගාන වැඩි  ඉලක්කම් සහ සංඛේත  තියෙන හොඳ ආරක්‍ෂිත password  එකක් වීම. ඒ වගේම මේක ලේසියෙන්  අමතක වෙන්නේ නැති එකක් විය යුතුයි. මොකද lastpass master password එක අමතක උනොත් ආයේ නැවත ඒක ලබා ගැනීමට නොහැකි නිසා. ඒක එහෙම කරලා තියෙන්නේ  ආරක්ෂාව  වැඩි කරන්න.

50fd84dccd17457789e7e87c389632d5

මොනවද lastpass එකෙන් කරන්න පුළුවන්?

Lastpass එකේ වැඩ කෑලි කීපයක්ම තියෙනවා.. ඒවගෙන් කීපයක් තමා මේ….

  • කලින් කිව්වා වගේ සේරම passwords ටික store කරලා තියාගන්න පුළුවන්. ඕන වෙලාවට අරගන්නත් පුළුවන්.
  • ඒ විතරක් නෙවෙයි එකම website එකේ කලින් (ඔයා lastpass පාවිච්ච් කරන්න පටන් ගත්තට පස්සේ) තිබ්බ  passwords සේරම store කරලා තියෙනවා. ඒ කියන්නේ එක online account එකක් ගත්තම එකේ password history එක බලාගන්නත් පුළුවන් ඒ password වෙනස් වෙච්ච දවස් එක්ක.
  • අලුතෙන් account එකක් හදනකොට ඔයාට අවශ්‍ය නම් strong passwords auto generate කරලා දෙනවා.LastPass09
  • ඒ වගේම ඔයා Ebay වගේ accounts වලින්  ගෙවීම් සිදු  කරද්දී, payment form details සේරම store කරලා තියාගෙන අවශ්‍ය වෙලාවට form එක සම්පුර්ණ කරලා දෙනවා.

කොහොමද මං lastpass පාවිච්චි කරන්නේ?

පොඩි  වැඩ ටිකක් තමා තියෙන්නේ… මෙන්න මේ ලින්ක් එකට ගිහින් account  එකක් හදා ගන්න. ඊට පස්සේ ඔයාගේ  smartphone  එකට lastpass app එක download  කරගන්න . phone එකේ app  එකට login උනාම ඔයාට lastpass වල  ඇතුලත්  කරපු සේරම passwords වලට access තියෙනවා. phone  එක පාවිච්චි කරන්නේ නැති වෙලාවට මේ ලින්ක් එකෙන් chrome plugin එක දාගන්න පුළුවන් මේ ලින්ක් එකෙන් firefox plugin එක දාගන්න පුළුවන්. plugin එක දැම්මම toolbar  එකේ lastpass icon එක click කරල ඔයාට ඕන site එකකට යන්න පුළුවන්.

මෙතන කියල තියෙන්නේ free single user account එකකින් කරන්න පුළුවන් වැඩ ටික විතරයි.මීට අමතරව සල්ලි ගෙවල enterprise version එක ගත්තම තව වැඩ ගොඩක් කරන්න පුළුවන්. Lastpass try කරලා බලලා මොකද හිතෙන්නේ කියල පහලින් comment එකක් දාන්න. Like එකකුත් දාන්න අමතක කරන්න එපා… 😀 😀

Advertisements

One thought on “Password මතක තියාගන්න එක කරදරයක් ද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s