උසස් පෙළ ලියන ඔබට උපදෙස් කීපයක්….

ගොඩ දෙනෙක් බලන් ඉන්න A/L  විභාගයට තව මාස 2 ක් වගේ පොඩි කාලයක් තියෙන්නේ.ඒ නිසා තව ටික කාලෙකින් ලියන්න ඉන්න විභාගයට සාර්ථකව මුණ දෙන්න උදව් වෙන උපදෙස් කීපයක්  තමා මේ… A/L විතරක් නොවේ ..වෙන ඕනෑම විභාගයකට මේ උපදෙස් වැදගත් වේවි. ඒ වගේම අපි එකිනෙකාට වෙනස් . ඒ නිසා මේ සමහර දේවල් ඔයාට ගැලපෙන්නේ නැති වේවි.

ඔයාට පුළුවන් දේ ගැන දැන් focus කරන්න.

විභාගයට තව ඉතුරු  වෙලා තියෙන්නේ පොඩි කාලයක්.. ඒ වෙලාව පුළුවන්තරම් ප්‍රයෝජනවත් වැඩට යොදන්න ඕනේ.. ඔයාට tuition class මිස් උනා නම්, සමහ‍ර පාඩම් මෙලෝ හසරක් තේරෙන්නේ නැත්තන් දැන් ඒවා පස්සේ දුවන්න එපා.. තමනට පුළුවන් පාඩමකින් ප්‍රශ්නයක් ආවොත් ඒකට උපරිම ලකුණු ගන්න පුළුවන් වෙන්න තමන් දන්නා දේවල් ටික practice කරන්න. මොකද ගොඩ දෙනෙක් ලකුණු නැති කරගන්නේ නොදන්නා දේ නිසා නෙවේ.. දන්නා දේ අනා ගන්න නිසා ..ඒ නිසා තමන් දන්නා පාඩම් වලින් අවම ලකුණු ප්‍රමාණයක් නැති වෙන මට්ටමට ඔයා මේ ටිකේ වැඩ කරන්න .

අතීතය හෝ අනාගතය අදාල නැත.

ඔයා මෙච්චර කල් පාඩම් නොකර පිස්සු නටපු එක ගැන දුක් වෙනවද? අම්මා තාත්තා ගුරුවරු කියපු දේවල් අහන්නේ නැතුව පාඩම් නොකර හිටිය එක ගැන පසුතැවෙනවා ද? Class cut කරපු ඒවා මතක් වෙනවද ? එහෙමත් නැත්තන් ඉස්සරහට මොනවා වෙයිද කියල බයද? Results කෙල උනොත් දන්නා අදුරන මිනිස්සු හිනා වෙයි කියල අවුලෙන් ද ඉන්නේ?

නින්ද යන්නේ නැද්ද? ඒත් වැඩ කරද්දී නිදි මතද? දැන් ඔය මොනවා හිතුවත් තව මාස දෙකකින් එන විභාගෙට නම් ඔය කිසි දෙයක් අදාල වෙන්නේ නෑ. වැඩ කරපු නැති එක ගැන පසුතැවෙන එක නවත්වන්න. එහෙම mood ගහල ඉදල ඉතුරු වැඩ ටිකත් පාඩු කරගන්නවද?වෙච්ච දේ වෙලා ඉවරයි. ඒවා ගැන දැන් හිතන්න එපා. අනාගතේ ගැන වද වෙන්නත් එපා. ඒක ඔයාට පාලනය කරන්න බෑ. ඒ නිසා දැන් තමන්ට කරන්න පුළුවන් උපරිම කරන්න. අඩු තරමේ අන්තිම මාස ටිකේ වත් සැහෙන්න ගේමක් දුන්න කියල සැහීමකට පත් වෙන්න පුළුවන් විදිහට වැඩ කරන්න.

ඇති වෙන්න නිදා ගන්න.

දැන් විභාගේ ළඟ නිසා සමහර අය කියනවා ඇති දවසට පැය 3ක් 4ක් විතර නිදා ගත්තම ඇති කියල. ඒක  මහා ගොන් වැඩක්. අපි විභාගෙදි පාවිච්චි කරන්නේ අපේ මොළේ. මොළෙත් අපේ ශරීරයේ තියෙන muscle එකක් වගේ තමා. ඕනෑවට වඩා gym ගිහින් rest එකක් නැතුව training කලොත් වෙන්නේ අබාධ ඇති වෙන එක. ඒ වගේම තමා.. මොළෙන් ඕනවට වඩා වැඩ ගත්තොත් අන්තිමේ නතර වෙන්න වෙන්නේ පිස්සන් කොටුවේ තමා. Exam hall එකේනම් නෙවෙයි. ඒ නිසා මේ දවස් ටිකේ මොළේ වැඩි පුර වෙහෙසවන හින්ද පැය 7ක් 8ක් නිදා ගන්න. ඉතුරු වෙලාවේ වැඩ කරන්න. පැය 2කට සැරයක් විනාඩි 20ක් රෙස්ට් කරන්න.

Time table එකක් හදා ගන්න.

දැන් පොඩි කාලයක් නේ තියෙන්නේ.. ඒ නිසා තමන්ට උපරිම ලකුණු ප්‍රමාණයක් ගන්න නම් ඉතුරු වෙලා තියෙන කාලය තුල කරන්න පුළුවන් මට්ටමේ වැඩ ටිකක් වෙන් කරගන්න. දන්නේ නැති දේවල් ගොඩක් තියනම් ඒ හැම දේම මේ පොඩි කාලේ අල්ලන්න යන්න එපා. තමන් ගැන වෙන කිසි කෙනෙක්ට වඩා දන්නේ තමන්මනේ.. ඒ නිසා ඔයාට කරන්න පුළුවන් මට්ටමේ workload  එකක් වෙන් කරගන්න. ඊට පස්සේ අදාල දවසේ අදාල කොටස පාඩම් කරලා ඉවර කරනවා කියල plan එකක් ගහගන්න. Plan එකේ විදිහට මොකක් හරි ඉවර කරගන්න බැරි උනොත් ආයේ ඊළඟ දවසෙත් එක බලන්න එපා. Plan  එකට වැඩ කරන්න. වෙලාව ඉතුරු උනොත් miss වෙච්ච ඒවා ආයේ බලන්න. උදේට තේ කෝප්පේ හරි කිරි වීදුරුව හරි නැති උනොත් එදාට full අවුල් නේ? අන්න ඒ වගේ පාඩම් කරන එකත් දවසේ එක වෙලාවකට කරන්න පුරුදු වෙන්න. සති 3ක් යද්දී පාඩම් නොකලොත් අර උදේ කිරි වීදුරුව නැති උනාම වගේ දැනෙයි.පාඩම් නොකර බැරි වෙයි.

මේ A/L හෝ වෙන ඕන විභාගයකට ලෑස්ති වෙන ඔබට උදව් වෙයි කියල හිතුන උපදෙස් කීපයක් විතරයි. තව අදහස්, යෝජනා හෝ ප්‍රශ්න තියනම් පහලින් comment  එකක් දාන්න. මේ පාර විභාගයට මුන  දෙන හැමෝටම හොදින් වැඩ ටික කරගන්න පුළුවන් වේවා කියල ප්‍රර්ථනා කරනවා!!!

6 thoughts on “උසස් පෙළ ලියන ඔබට උපදෙස් කීපයක්….

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s